වන අලින් හැත්තෑවක් පසුගිය පස් වසර ඇතුළත දුම්රිය සහ රථවාහනවල ගැටී ජීවිතක්ෂයට පත්වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසීය. රියදුරන්ගේ නොසැලකිල්ල අලි මරණවලට හේතුව බව වැඩිදුරටත් පැවැසීය.
කොළඹ සිට යාපනය සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල සිදුවූ අනතුරුවලින් වන අලින් මියගොස් ඇත. මෙම දුම්රිය මාර්ග ජාතික වනෝද්‍යාන සහ රජයේ රක්ෂිත මැදින් ඉදිකර තිබීමත්, වන අලින් නිරන්තරයෙන් ගැවසෙන ස්ථානවල සවිකර ඇති සංඥා පුවරු කෙරෙහි දුම්රිය රියැදුරන් අවධානය යොමු නොකිරීම වන අලින් ගැටීමට බලපා තිබෙන බවත් දෙපාර්තමේන්තුව පැවැසීය.
මේ වසරේ ඊයේ (05 දා) දක්වා දුම්රිය අනතුරුවලින් වන අලින් 09ක් ජීවිතය හැරගොස් ඇත. පසුගිය වසර 05 ඇතුළත දුම්රියේ සහ රථ වහානවල ගැටීමෙන් සිදුවූ වන අලි මරණ සංඛ්‍යාව 60ක් බවත් දුම්රිය අනතුරුවලින් 2024 දී 11ක්, 2023 දී 24ක්, 2022දී 14ක්, 2021 දී 06ක් සහ 2020 දී 03ක් මියගොස් ඇත.
රථවාහන අනතුරුවලින් 2024 04ක් මියගොස් ඇත. 2020 සහ 2022 වසරවලදී වන අලින් තිදෙනකු බැගින් සහ 2024 සහ 2021 වසරවලදී වන අලියකු බැගින්ද මියගොස් ඇත
Loading comments...