දවසම වැවේ සිටි භාතිය ඇතා

2025 ජූනි 4කියවීම මිනිත්තු 1 යි
දවසම වැවේ සිටි භාතිය ඇතා

අඹන්පොල වදුරැස්ස ප්‍රදේශයේ සිටි ආබාධිත භාතිය ඇතා 6/2 දෙවන දින ප්‍රතිකාරවලින් පසුව යන්ත්‍රෝපකරණ අධාරයෙන් නැගිටවීම සිදුකරා. ඉන් පසුව ඇතා නැවත එම වැවෙන් ඈත්ව ගොස් කැලය ඇතුලට නැවත ගිය අතර මේ වන විට කැලය මැද කුඩා වැවක රැඳී සිටියි. අද දිනය තුළම වැවේ සිටි අතර අප යන විට ද වනජීවී නිලධාරීන් වැවේ සිටම ආහාර ලබාදීම සිදු කරා. අප ගිය අවස්ථාවේ දී ද ගම්වැසියන් ඇතාට ආහාර රැසක් ගෙනවිත් තිබුණා.


කෙසේවෙතත් ආහාර හොඳින් ලබා ගන්නා ඇතා සාමාන්‍ය තත්වයක සිටියි. මෙලෙස හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටීම ප්‍රතිකාර සඳහා පහසුවක් වනු ඇත. ඇතාගේ ආරක්ෂාව හා ආහාර සැපයීම වෙනුවෙන් වනජීවී නිලධාරීන් ආසන්නයේ රැඳී සිටියි.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...