දැනට අවුරුදු කිහිපයකට කලින් නම් ප්‍රසිද්ධ නොවන තරමට ඔවුන් ආරක්ෂිතයි. ඒ විශාල කැලෑ ප්‍රදේශ හා වනාන්තර පැවති නිසායි. නමුත් මේ වන විට එලෙස විශාල වනාන්තර අවම වී ඇති බැවින් අලි මිනිස් ඝනත්වය ඉහළ ගොස් ඇත. අලි මිනිස් ගැටුම් වැඩි වනව මිසක අඩු වන්නේ නැත. එනිසා බොහෝ ඇතුන්ද මේ වන හඳුනාගෙන ඇත. එසේ නැති, වනාන්තරවල ම සිටින අල්ප ප්‍රමාණයක් ඇතැයි අපට නිගමනය කළ හැක.
වනාන්තර අඩුවීම නිසා මිනිස් ජනාවාස ආශ්‍රයට මේ වෙන විට අලි ඇතුන් බොහෝමයක් පැමිණ ඇත. ඔවුන්ද මේවා සඳහා අනුගත වන බවක් පෙනේ. කාවන්තිස්සය ඇතා වුවද මීට පෙර දශකයේදී ඉතාමත් පහසුවෙන් නැරඹිය හැකි ඇතෙකු නොවීය. නමුත් මේ වන විට එය ඉතාමත් පහසු දෙයකි. ඉතින් මේ නිසාම ඔවුන් ගම්මාන හරහා ඇත මාර්ග තුළින් ආහාර සොයා ගමන් කරන අතර එහිදී ඔවුන්ට අනතුරක් වීමට බොහෝ ඉඩකඩ ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ මිය ගිය භාතිය. ඒ ඔහුට පාදයට වැදුණු වෙඩිල්ලයි.
ඉතින් මේ විදියට රටට වටිනා ඇතුන් එම අවදානම් ප්‍රදේශවල සිටිනවිට ඔවුන් පිළිබඳව එම ප්‍රදේශයේ සියලු දෙනා දැනුවත් වීමෙන් ඔවුන් ඇතාට අනතුරුදායක පලවාහැරීම්වලින් වළකිනවා, ඔවුන් දන්නවා ඇතා ගැන බොහෝදෙනා අවදානෙන් ඉන්නවා යැයි කියා. එලෙසම සමාජ මාධ්‍ය රැලි හරහා ඔවුන්ට රටේ වටිනා සම්පත් ගැන අවබෝධයක් ලැබෙනවා.
මේ ඉන්න ප්‍රදේශ ගැන කිව්වම දළ ගන්න එන අය ඉන්නවද??
ඇත්තටම දළ ගන්න ඕනෙ කෙනෙක්ට සමාජ මාධ්‍යයෙන් තොරතුරු අවශ්‍ය නැත. ඔවුන් ට මාසයක් උනත් එක ඇතෙක් පස්සෙන් ගොස් ඇතා ඉන්න තැන සොයාගැනීමට පුලුවන්ය.
අනෙක් කරුණ නම් ප්‍රදේශය පමණක් දැනගත් කෙනෙකුට නිශ්චිත ස්ථානයක් නොදැන ඇතෙක් සෙවීමද කළ නොහැකි කාරණාවකි. මෑත කාලයේ දී දළ ගැනීමට ඇත් මරණ සිදුවී ද නැත. ඇත් මරණ සිදුවූයේ දඩයක්කරුවන් ට (තුවක්කු අතේ පවතින විට) අලි ඇතුන් සමඟ සිදුවූ අහඹු හදිසි හමුවීම් නිසාවෙනි. මේ හමුවීම්වලදී තම අවදානම 0%ක් කරගැනීමට තුවක්කු භාවිත කරන්නන් අලියා හෝ ඇතාට වෙඩි තබයි. ඒ ඔවුන් දළ ගැනීමට නොවන බව පැහැදිලිව සනාථ කරයි. බොහෝ ඇතුන් මිය ගියද දළ එතැනම තිබුණු අවස්ථා බොහෝමයක් අප දැක ඇත. ශ්‍රි ලංකාවේ අලි හෝ මිනිසුන් ගහනය අඩු කිරීමකින් තොරව මේ සඳහා ඇති එක ම විසඳුම වන්නේ සහජීවනය පමණි. ඒ සඳහා දැනුවත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වන දිනය වැඩි ඈතක නොවේ.
ඒ නිසා ඉන්න ප්‍රදේශ ප්‍රසිද්ධ වීම ඇතුන්ට කිසිම තර්ජනයක් නැත. සංරක්ෂණය යනු දැනුවත්වීමයි. Awareness is conservation.
Loading comments...