භාතියට අද සිට හමුදා සහාය

2025 ජූලි 5කියවීම මිනිත්තු 1 යි
භාතියට අද සිට හමුදා සහාය

අද දින භාතිය ඇතාගේ ප්‍රතිකාර කටයුතු උදෙසා හමුදා සහය ලැබී ඇත. ඒ අනුව අද උදෑසන සිට ඇතුගේ සහයට STF නිලධාරීන් පිරිසක් එක්වී ඇත.

හෙට හෝ ඉදිරි නුදුරු දිනකදීම ඇතු වතුර වළෙන් ඉවතට ගෙන ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට ද සියල්ලම සූදානම්. අද දිනයේ වැලි කොට්ට දමා හිස උඩට ගැනීමට කටයුතු කළ අතරම අපජලය ද නිතරම ඉවත් කරමින් නැවත ජලය පුරවමින් පවතී. උඩින් ගැසූ සුදු රෙද්ද ඉවත් කර මේ වන විට හොඳ ටෙන්ට් එකක්ද මේ වනවිට සවි කරමින් පවතී.

ඊයේ රැගෙන ගිය ඇතුගේ රුධිර සාම්පල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරීක්ශාවට ලක් වෙමින් පවතින අතර ලැබී ඇති තොරතුරුවලට අනුව පට්ටිකාවල අඩුවක් පමණක් පවතින බවට නිල නොලත් ලෙසින් ලැබී ඇත.

සමාජ මාධ්‍යවල සිදු කළ බලකිරීම් තුළින් ක්‍රියාවක් සඵල වීම අප සියලු දෙනාගේම සතුටකි.

2025/7/5