මංගල ඇතාටත් වෙඩි වැදීමෙන් පාදයේ ආබාධයකට

2025 අගෝස්තු 15කියවීම මිනිත්තු 1 යි
මංගල ඇතාටත් වෙඩි වැදීමෙන් පාදයේ ආබාධයකට

කලාවැව ආශ්‍රිතව දිවි ගෙවන මංගල ඇතා මේ දිනවල යාපහුව, ඇහැටුවැව ආශ්‍රිත ප්‍රදේශවල සිටී. මෑත කාලයේ වැඩි කාලයක් ගල්ගමුව ප්‍රදේශයේ ජීවත්වන එම ඇතාට යම් පාදයේ ආබාධයක් ඊයෙ දිනයේ නිරීක්ෂණය වී ඇත. වෙඩි සලකුනු කීපයක් සමඟම පාදයේ යම් ඉදිමීමක්ද ඇත.

අදාළ අංශ මේ වන විට දැනුවත් කර ඇති අතර ඉදිරි දිනකදී ප්‍රතිකාර කෙරෙනු ඇත. එම ප්‍රදේශයේ පුද්ගලයින් දැඩි ප්‍රකෝපකාරී ලෙස වන අලින්ට වෙඩි තැබීම් සිදු කරන අතර මේ පිළිබඳව අවධානයෙන් සිටීම අදාළ වනජීවී කලාපය මඟින් සිදු කිරීම අනිවාර්‍ය වේ. නැතහොත් දිගින් දිගටම මංගල ඇතාට වෙඩි වැදීමට ඉඩ ඇත

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...