ඔබ Elephant Journey ඇප් එක භාවිතා කරන අයෙක් නම් ඔබ දන්නවා ඇති මේ දිනවල ඇප් එක තුළ map එකේ යම් දෝෂ පවතින බව. අනෙකුත් සියලු දේවල් නිසියාකාරව ක්‍රියාත්මක වූවත් මැප් එක load වීමේදී යම් ගැටලු පවතී.
2025 අගෝස්තු මාසයේ දී බලාපොරොත්තු නොවූ ආකාරයට පරිශීලකයන් සංඛ්‍යාව වැඩිවූ නිසා google map සේවාවට ගෙවිය යුතු මුදල 500$ දක්වා ඉහළ ගියා. අපට ආදායමක් නොමැති බැවින් හා එය අපිට දරාගත නොහැකි මට්ටමක් නිසා google map ඉවත් කර අපගේ map server එකක් පවත්වාගෙන යාමට සිදුවීම මෙම මැප් එක ලෝඩ් වීමේදී ඇති ප්‍රමාදයට හේතුවයි. එය යම් දුරකට යථාතත්වයට පත් කරගෙන ඇති අතර ඔබේ මැප් එක දිස් වීමක් නොවන්නේ ම නම් අලුත්ම update එක install කරගන්න.
ඇප් එක මේ වන විට ශ්‍රී ලංකාවේ පරිශීලයකයින් 15,000කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව භාවිත කරන අතර එමඟින් සත්‍ය තොරතුරු භාවිතා කර එකිනෙකා සන්නිවේදනය කරන බවට ගල්ගමුව අවට අප ප්‍රදේශයේදී ම සනාථ වී ඇත.
මෙම සේවාව මඟින් මිනිසුන්ට සිදුවන අනතුරු අවම කරගැනීමට අප බලාපොරොත්තු වන අතර එමඟින් වන අලින්ට සිදුවන අනතුරුද අවම කරගැනීමට බලාපොරොත්තු වේ.
මෙම සේවාව නොකඩවා සාර්ථකව සිදු කර ගැනීමට google maps භාවිතා කළහොත් මාසිකව 300-500$ අතර ප්‍රමාණයක් වැයවන බැවින් ඒ සඳහා අනුග්‍රහය දීමට හැකි අයෙකුගේ සහාය අප බලාපොරොත්තු වෙමු. මෙය මුදල් පරමාර්ථයෙන් ආරම්භ කළ දෙයක් නොවන නිසා සියලු features premium කළ නොහැක.
Loading comments...