මාර්තු මාසයේ මුල දී යම් පුපුරන ද්‍රව්‍යක් පෑගීමෙන් පාදය හානි වූ මහබුලන්කුලම ප්‍රදේශයේ දී සද්ධන්ත ශරීරයකින් යුත් අලියෙකු වාර්තා උනා. ඒ දිනවල සිටම ප්‍රතිකාර කළද සතා ජලයේ බැස කල් ගෙවූ අතර සාමාන්‍ය සුවයකින් පසුව ප්‍රදේශයේ කුඹුරුවලට හානි කර තිබුණා.
එනිසා ගම්වැසියන්ගෙන් ලැබුණු විරෝධතාව වූයේ අලියා අල්ලාගෙන ගොස් වෙනත් ප්‍රදේශයකට දමන ලෙසයි.
කෙසේ නමුත් අලියෙකු/ඇතෙකු හොරොව්පතාන අලි රැඳවුමට රැගෙන යාම තරම් විනාශයක් ඒ ජීවිතයට නැත. එනිසාම පසුව ගම්වැසියන්ගේද එකඟතාව මත එක් අයෙකුගේ ඉඩමක අලියා කොටු කර සුව වන තුරු ආහාර ලබාදීමට කටයුතු සූදානම් විය.
නමුත් නැවත ගම්වැසියන් කාගේ හෝ උවමනාවකට අලියා හොරොව්පතානට රැගෙන යන ලෙස බලකර තිබුණා.
එසේ වීමත් සමඟ අද දින අලියා රැගෙන යාමට නිර්වින්දනය කළ පසු නැවති නැගිටවීමට නොහැකි විය. අති දුර්වල සෞඛ්‍ය මට්ටමේ සිටින මෙම අලියා නැවත නැගිටවීම ප්‍රශ්නාර්ථයකි.
කෙසේ වෙතත් නිවැරදි තීරණ ගැනීම හා ගම්වැසියන්ට පවතින අඩු පරිසර සාක්ෂරතාව නිසා මෙම අලියාට බොහෝ දුක් විඳීමට සිදුව ඇත. පාදවල ආබාධ පවතින වන අලි බෝහෝමයක් අනේක දුක් විඳිද්දී මෙම ඉදිරි සිදුවීම්වලදීවත් නිවැරදි තීරණ ගනීවිද??
Loading comments...