සතියක මෙහෙයුමෙන් පසු සුමේධ හමුවෙයි

2025 මාර්තු 14කියවීම මිනිත්තු 1 යි
සතියක මෙහෙයුමෙන් පසු සුමේධ හමුවෙයි

අනතුරට ලක්වූ සුමේධ සොයාගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීන් පවසනවා. ඒ මරදන්කඩවල පහළ අඹතලේ ප්‍රදේශයයෙන් වේ. අද දින සවස 5.25ට පමණ තහවුරු කරගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා.


අලි තිදෙනක් සමඟ සුමේධ රැඳී ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවට නිරීක්ෂණය වන බවයි ඔවුන් පවසන්නේ. හෙට(15) සිට ප්‍රතිකාර ආරම්භ කිරීමට නියමිතයි. අභියෝග, අවලාද මැද වනජීවී නිලධාරීන් හා විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් එක්ව දුෂ්කර මෙහෙයුමක නිරත විය.


ඒ මෙහෙයුමේ දුෂ්කර බව තේරුම් ගත හැක්කේ ඊට සහභාගී වූ කෙනෙකුට පමණයි. නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුයි.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...