වෙඩි තැබීමෙන් සහ ළිඳකට වැටීමෙන් අද දින අලි මරණ දෙකක්

2025 ඇසළ 13කියවීම මිනිත්තු 1 යි
වෙඩි තැබීමෙන් සහ ළිඳකට වැටීමෙන් අද දින අලි මරණ දෙකක්

දුම්බර වන පෙතට මායිම්ව තිබෙන උඩදුම්බර මහවල ප්‍රදේශයේදී වන අලියෙක් වෙඩි තැබීමක් නිසා මිය ගොස් ඇත. ඒ හොඳින් වැඩුණු පෘෂ්ඨිමත් පිරිමි අලියෙකු බවට වාර්තා විය. මෙම ප්‍රදේශවල පිරිමි සතුන් ඝාතනය වීම ඔවුන්ගේ පැවැත්මට ඉතාම ප්‍රබල ලෙස බලපානු ඇත.


එසේම විලච්චිය ප්‍රදේශයේදී ඊයේ වගා ළිඳකට වැටීමෙන් අලි පැටවෙකු මිය ගොස් ඇත. පැටවා සහ මව වගා ළිඳට වැටී ඇති අතර පැටවා එහිදී මිය ගොස් දින ගණනක් ගතවී ඇති අතර මව මුදාගෙන ඇත. මෙවැනි සිද්ධි නිසා නිකරුණේ අලි මරණ සිදුවෙමින් පවතී.


Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...