මෙම ඇප් එකේදී පණිවිඩ ලැබෙන්නේ වෙන කවුරුන් හෝ අලි ඉන්නවා ලෙස වාර්තාවක් මඟිනි. අලි ඉන්නා තැන් ඉබේ ලැබෙන්නේ නැත. අලි ඉන්නා ස්ථානය දන්නවා නම් ඔබට දුරකතනය ගෙන එලෙස වාර්තා කර ප්‍රදේශයේ අනෙක් අයවත් දැනුවත් කිරීමට හැකිය. ඔබ අනෙකාගේ වාර්තාවලින් ම යැපීමට බලා නොසිටින්න. ඔබේ ගෙවත්තට අලියෙක් ආවද වාර්තා කරන්න.
දැනට බොහෝ දෙනා මුල් අවස්ථාවේ නිසා පරීක්ෂා කිරීමට වාර්තා දමා බලන අතර ඒ සඳහා අපි නවතම update එකේදී පරීක්ෂා කිරීමක්ද යන්න අසා එය පණිවිඩ රහිතව සලකුණු කිරීමට ඉඩ දී ඇත.
ව්‍යාජ වාර්තා වැළැක්වීමට මේ වන විට අප විසින් විශාල පියවර කිහිපයක් ගෙන ඇති අතරම ඔබ ව්‍යාජ වාර්තා කිරීම තුළින් ඔබේ rating අඩු වී ඔබ විශ්වාසය රහිත වාර්තාකරුවෙකු වනු ඇත. ඔබේ ප්‍රදේශයේත් එවැනි ව්‍යාජ වාර්තා කරන්නන්ගේ වාර්තා උඩ ක්ලික් කර අලි සිටින්නේ නැතිනම් 'නැත' ක්ලික් කර ඔහුගේ/ඇයගේ rating අඩු කළ හැක. එමඟින් ඔබගේ ප්‍රදේශයේ වන අලි පිළිබඳ පණිවිඩවල විශ්වාසවන්තභාවය ආරක්ෂා කරගත හැක.
ඔබට අලි පිළිබඳ පනිවිඩ (notification) නොඑන්නේ ඔබ අලි නැති ප්‍රදේශයක ජීවත්වන හෝ ඔබේ ප්‍රදේශයේ පරිශීලකයින් අලි පිළිබඳ වාර්තා නොකරන නිසාවෙනි. ඇප් එක භාවිතා කිරීමට නොදන්න කෙනෙක් නම් මුලදීම ලැබෙන video එක මත ක්ලික් කර එය නැරඹීමෙන් අදහසක් ලබා ගත හැක. Playstoreහි ඇති නවතම update එක ඩවුන්ලෝඩ් කරගැනීමෙන් බොහෝ ගැටලු විසදාගත හැක.
අලි සිටින බවට ලැබෙන පණිවිඩයේ වටිනාකම් අලි නිතරම ගැවසෙන ප්‍රදේශවල මිනිසුන් හොඳින් හඳුනති.
Loading comments...