වනජීවී නිලධාරීන්ට වෙට්ටු දාන මානාභරන.. මිස්සකගෙනුත් අභියෝගයක්

2025 ඔක්තෝබර් 1කියවීම මිනිත්තු 1 යි
වනජීවී නිලධාරීන්ට වෙට්ටු දාන මානාභරන.. මිස්සකගෙනුත් අභියෝගයක්

පාදයේ ආබාධයෙන් පෙලුන මානාභරණ ඇතාට ප්‍රතිකාර කිරීමට දින ගණනාවක් නිකවැරටිය පශු වෛද්‍ය කාර්‍යාලයේ නිලධාරීන් සහ ගල්ගමුව වනජීවි නිලධාරීන් එක්ව උත්සාහ කළ නමුත් ඇතාගේ ගමන් මාර්ගවල වෙනස් කීරීම් සහ රංචුව සමඟ සිටින විට නිවැරදිව සතා ඉලක්ක කිරිමට නොහැකි නිසා පෙර උත්සාහයන් ව්‍යර්ථ විය.

ඊයෙ (30) දින උදෑසන පාලුකඩවලට ඇතා උදෑසන ගිය නිසාත් අද දින (01) පාලුකඩවල හා ගැටදිවුල පාර මාරුවන ස්ථානයේ නිලධාරීන් රඳවා සිටි නමුත් රංචුව පාලුකඩවලට නොගොස් ගැටදිවුලට පැමිණි අතර එහිදී මානාභරන පෙනෙන්නට සිටියේ නැත. ක්ෂණිකව මතුවී වෙනත් ස්ථානයකින් පාර මාරු වූ මානාභරන ගැටදිවුල රක්ෂිතයට ගිය අතර නිලධාරීන්ද ඒ පසුපස හඹාගියද ඇතා නිමේෂයකින් ගමන් කළ නිසා ඇතා මඟ හැරී ගියේය.

අලි රංචුව සමඟ මිස්සක ඇතා ද පැමිණ සිටි අතර එහිදී මිස්සකද ගැටදිවුල රක්ෂිතයට ගිය අතර මානාභරන හා මිස්සක අතර දරුණු ගැටුමක් ඇති වුවහොත් ආබාධිත මානාභරනට අවාසිදායක වනු ඇත. ගම්වැසියන්ට අනුව අද උදෑසන ගැටුමක්ද පැවති බවට තොරතුරු අද උදේ ලැබුණු අතර ඒ බොහෝදුරට මේ දෙදෙනා විය හැකිය.

කෙසේ වුවත් මානාභරනට ප්‍රතිකාර කිරීම ඉතා පහසු කටයුත්තක් නොවන අතර ඇතාගේ වෙනස් ගමන් මාර්ග නිසා හා නිලධාරීන් සිතන පතන ආකරයට වඩා වෙනස්ම ආකාරයකට සතා හැසිරෙන නිසා ප්‍රතිකාර අපහසු වී ඇත. නැවත හෙට දිනයේ බොහෝදුරට නැවත උත්සාහ කරනු ඇත.


Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...