කුමාර මහතාගේ සේවය මේ වන විට නොදන්නා කෙනෙකු නැත. විදේශ රටවල අය පවා ඔහුගේ සේවය අගය කරන අතර එතුමාගේ රාත්‍රී සේවයේ ආරක්ෂාවට දිලිසෙන සුලු ජැකට් සහ safety vests පරිත්‍යාගයක් 5/13 දින සිදුකරා. ඉදිරි මාස කිහිපයේ නැවතත් අලි පාර මාරු වීමට පටන් ගන්නා අතර එහිදී ඔහුට මේවා යොදාගැනීමට හැකිවනු ඇත.
කුමාර මහතා අලි මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අනතුරුවලින් මුදවාගෙන ඇත. මිනිසුන් දැනුවත් කර පරෙස්සමින් අලි ටිකට යන්න පාරේ ඉඩ අහුරා දීමට ඔහුට උදෑසන මෙන්ම රාත්‍රියට ද පාරේ රැඳීමට සිදුවනු ඇත. ඒ නිසා ඔහු පාරෙ සිටින විට වාහනවලට හොඳින් ඔහුව දර්ශනය වන ආකාරයේ ජැකට්ටුවක් ඔහු වෙත ලබා දුන් අතර එය ඔහුට ශීත දිනවලදී උදෑසනට ද වැදගත් වනු ඇත. මින් පෙර විවිධ සංවිධානවලින් මේ ප්‍රදේශයේ අයට අවශ්‍ය විදුලි පන්දම් වැනි අවශ්‍ය දේවල් ලබා දීම සිදු කර ඇත.
ඔහුගේ සේවය අගය කරමින් එක්සත් රාජධානියේ සිට හිතවත් Sean Whyte මහතා විසින් මේවා කුමාර මහතා වෙත එවීමට කටයුතු කළා. ඔහු විදේශික පුද්ගලයෙකු වුවද ශ්‍රී ලංකාවේ අලි පිළිබඳ ඇති උනන්දුව මෙයින් පෙනෙනු ඇත. සංකීර්ණ විසඳුම්වලට වඩා ඔහු අලි කුමාරගේ සරල විසඳුමට ප්‍රිය කරයි. පරිත්‍යාගය පිළිබඳ Sean Whyte මහතාට ස්තූතිවන්ත වෙමු.
Loading comments...