'කලා වැව අයෙත් අලින්ට දෙමු' යන තේමාව යටතේ ආරම්භ කරන ලද කලාවැව් පිටියේ තෘණ ප්‍රතිස්ථාපන වැඩසටහන අද දින කලාවැව් පිටියේදී අද උදෑසන ආරම්භ විය.
එහිදී සියඹලගස්කෑල්ල ලෙසින් හඳුන්වන දඹුලු ඔය කලාවැවට එක්වන ප්‍රදේශය තුළදී අද දින සිදු කළ අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ 450ක් පමණ පිරිසක් ද වෙනත් ස්වේච්ඡා පිරිස්ද 200ක් පමණ මුලු පිරිස 650කට අධික ප්‍රමාණයක් සම්බන්ධ විය. අති සාර්ථක ලෙසින් එම කටයුත්ත අද සවස් වන විට අවසන් කළ අතර ම හෙට දිනයේ දී දෙවන දිනටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
අද දින පැමිණීමට නොහැකි අයට හෙට හෝ අනිද්දා(06,07) දිනවල දී සම්බන්ධ විය හැක. කලාවැව නැවතත් අලි ඇතුන්ට සුදුසු බිමක් කරමු.
Loading comments...