දිවුලපැලස්සදී වන අලි දෙදෙනෙක් අනවසර විදුලියට බිලි

2025 මාර්තු 12කියවීම මිනිත්තු 1 යි
දිවුලපැලස්සදී වන අලි දෙදෙනෙක් අනවසර විදුලියට බිලි

දිවුලැපැලැස්ස පාලංහන්දිය ප්‍රදේශයේ වෙල් යායකට ආසන්නයේ උල්හිටිය ඔය රක්ෂිතයේ ඊයේ (11) දින රාත්‍රියේදී, වගාවක් ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් අදින ලද විදුලි රැහැනක පැටලී තවත් වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


මීට පෙරදිනයේද ඒ ආකාරයෙන්ම වන අලියෙකු දිවුලපැලැස්ස පොලිස් වසමට අයත් හෙබරව වැව් ඉස්මත්තේ වැලිමඩයාය ප්‍රදේශයේදී මියගියේද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.


වන අලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද 12 දින මධ්‍යම කලාපයේ වන ජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුලු පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කල අතර එහිදී අනාවරණය වී ඇත්තේ විදුලි සැර වැදීමෙන් මෙම සතුන් මියගිය බවටය .

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...